මම රනිල්ට ඡන්දේ දුන්නේ අරගලකරුවන්ගෙන් රට බේරගන්න…!

May 8, 2024 at 2:19 pm | by emanisa.lk

පසුගිය පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේ දී තමන් රනිල් වික්‍රමසිංහට සහයෝගය ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයෙන් සිදුකළ ඉල්ලීමක් අනුව බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසයි.

ඒ සඳහා රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් හෝ පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් හෝ තමන් වෙත කිසිදු ඉල්ලීමක් නොකළ බවයි, ඔහු අවධාරණය කළේ.

ඒ අවස්ථාවේ ඩලස් අලහප්පෙරුමට ඡන්දය ප්‍රකාශ කරන බව මුල දී ප්‍රකාශ කළ ද ඩලස් සහ සජිත් එක්ව ජයග්‍රහණය කළේ නම් එය අරගලකරුවන් බලවත් වී රට තවත් ගිනි ජාලාවක් බවට පත්වීමේ අවධානමක් පවතින බව ගෝඨාභය පාර්ශ්වය තමන් වෙත දැනුම් දුන් බව ද අනුප පැස්කුවල් කීය.

එහෙයින් තමන් රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ කළේ ඇමැති තනතුරු උදෙසා නොව රටේ සහ දේශප්‍රේමි ජනතාවගේ ආරක්ෂාව සඳහා යැයි හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *