මම මේ රටේ නායකයා විදිමට මිය යන්න කැමතියි…! – විමල් වීරවංශ…

June 7, 2024 at 11:54 am | by emanisa.lk

තමන් මේ රටේ නායකයා ලෙස මිය යෑමට කැමති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඒ සඳහා සුදුසුකම් තමන් දැනටමත් සපුරා ඇති බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එහි දී මූලික කොන්දේසිය මේ රටට ආදරය කරන පුද්ගලයෙකු වීම බවත් දෙවනුව ලෝකයේ භූ දේශපාලන හැසිරීම පිළිබඳ කියවීමක් තිබීම සහ තෙවනුව තමන්ට පැවරුණු අමාත්‍යංශවල කාර්යභාරය මැනවින් ඉටුකර ඇති බවත් විමල් වීරවංශ සඳහන් කරයි.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *