මම පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස් වුණා! – දිල්ෂාන්

August 7, 2020 at 10:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවට නම් කළ තමා අනතුරුව එම ලැයිස්තුවෙන් ඉල්ලා අස් වූ බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. දිල්ෂාන් පවසයි.

තම තීන්දුව පිළිබඳ අගමැති ජනාධිපති සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද ලිඛිතව දැනුම්වත් කළ බව හෙතෙම පෙන්වා දුන්නේය.

තම අවස්ථාව වෙනත් සුදුසු අයකුට ලැබිය යුතු යැයි සිතූ බවත් ඉදිරියේ දී වැඩි කාලයක් පවුල සමග ගත කිරීම සඳහා මේ මොහොතේ ක්‍රියාකාරී දේශපාලනයට නොපැමිණීමට තමා තීන්දු කළ බවත් ඔහු පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කරවීමට තමා වෙහෙසී කටයුතු කළ බවත් ඔහු ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ තමා මහත් සතුටට පත්වන බවත් දිල්ෂාන් අවධාරණය කළේය.

දිල්ෂාන් ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමට පෙර වාර්තා වූයේ පොදුජන පෙරමුණ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඔහු තරඟ වදින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *