මම ඉස්කෝලේ කාලේ ඉගනීම හැර සියල්ල ම කළා…! ගණන් බැරි මම සාමාන්‍ය පෙළත් ෆේල්…! – හිරුණිකා..

January 2, 2023 at 8:25 am | by emanisa.lk

තමන් අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාඛා විද්‍යාලයේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

ඉගනීම හැර නර්තනය, ගායනය, ක්‍රීඩා ආදී සියල්ල කළ බවයි, ඇය සඳහන් කළේ.

ගණිතය විෂය සඳහා තමන් දැඩි ලෙස දුර්වල බවත් සාපෙළ අවසාන වාර පරීක්ෂණයට ලැබුණේ ලකුණු 15ක් බවත් හිරුණිකා ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද ප්‍රගති වාර්තා පොතේ ලකුණු 15 වෙනුවට 65 ලකුණු කර සිය මවට පෙන්වා ගුටි නොකා බේරුණු බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

උත්සව සභාවක් අමතමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *