මම ඉල්ලා අස්වීමේ උවමනාවක් නෑ..! – කෙහෙළිය…

June 28, 2023 at 4:06 pm | by emanisa.lk

ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ උවමනාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේය.

තමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ඖෂධ මිලට ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන නොලැබෙන්නේ නම් ඇමැති ධූරයෙන් පලක් නැති බව යැයි ද හෙතෙම පෙන්වා දෙයි.

එම ප්‍රකාශය සිදුකළ දිනයේ ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගත් බවයි, ඇමැතිවරයා සඳහන් කළේ.

තවත් ඖෂධ වර්ග 100ක පමණ හිගයක් ඇති බවත් එය ද හැකි ඉක්මනින් විසඳීමට කටයුුතු කරන බවත් කෙහෙළිය රඹුක්වැල්ල වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *