මම ඉගෙන ගත් පන්ති පහේ ‘ඉන්දියානු ව්‍යාප්තවාදයක්’ තිබ්බේ නෑ..! – අනුර දිසානායක..

February 20, 2024 at 1:34 pm | by emanisa.lk

තමන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වන අවස්ථාවේ දී “ඉන්දියානු ව්‍යාප්තවාදය” නමින් අධ්‍යාපන පංතියක්, එම පක්ෂයේ නොතිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු පැවසුවේ, තමන් 1988 ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ බවත් එවිට ක්‍රියාත්මක වූ පන්ති අතර මෙම අධ්‍යාපන පංතිය නොතිබුණු බවයි.

තව ද, තමන් පක්ෂය තුළ ඉගෙන ගනු ලැබූ පන්ති වන්නේ ආර්ථික අර්බුදය, මෙන්ෂෙවික් ව්‍යාපාරය, ජාතික ගැටලුව, සමාජවාදී ජාත්‍යන්තර අත්දැකීම් හා පක්ෂ ඉතිහාසය යන පන්ති පහ බවත් ඔහු එහි දී වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *