මම අන්තරේ කැඳවුම්කරු නෙමෙයි..! – ෆොන්සේකා…

October 6, 2022 at 6:58 pm | by emanisa.lk

දූෂණය මර්දනය නතර කරන තුරු දූෂිත දේශපාලනඥයින් ගෙදර යවන තුරු මේ රටට මුදල් නොඑවන ලෙස විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටින බව සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

අරගලය සඳහා පාරට බසින තරුණයින් මර්දනයට කටයුතු කළහොත් තමන්ට වාරයක් පැමිණි විට සියලු දෙනාට හොඳ පාඩමක් උගන්වන බවට ද සරත් ෆොන්සේකා අනතුරු ඇඟවූයේය.

තමා අන්තරේ කැඳවුම්කරු නොව ඔවුන්ගේ ආරාධනය මත පසුගියදා රැස්වීමකට ගොස් එය ඇමතූ බවත් අට පාස් නැති දේශපාලනඥයින්ට එම උගත් තරුණයින් එවැනි ආරාධනා නොකරන බවත් හෙතෙම සඳහන් කළේය.

උගත් තරුණයින් දකින විට නූගත් දේශපාලනඥයින් වියරු වැටෙන බවත් සරත් ෆොන්සේකා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *