2022 මැයි 9 වැනිදාට පෙර තමන්ට අගමැති වීමේ අභිලාෂයක් තිබූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් විසින් Facebook සටහනක් තබමින් පවසයි.
අවාසනාවකට ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මේ බොරු ප්‍රකාශ කරන්නේ ඔහුට පිළිතුරු දිය නොහැකි තැනක බවත් ඔහු සඳහන් කරයි.
සාලිය පීරිස් සඳහන් කරන්නේ 2022 මැයි මාසයේ දී ඉදිරිපත් කරන ලද BASL යෝජනා කිසි විටෙක තනි පුද්ගල යෝජනා නොවන අතර ඒවා එහි විධායක කමිටුව විසින් හොඳින් සිතා බලා නීතිඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඒවා බවයි.
නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ දේශපාලන හා පාලන අර්බුදයට විසඳුමක් යෝජනා කිරීමේ බවත් ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා මනසේ තබාගෙන යෝජනා කළ ඒවා බවත් නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් එම සටහනෙහි වැඩිදුරටත් සඳහන් කරයි.