මන්නාරම් ද්‍රෝණියේ සුළං බලය ඉන්දියාවට විකුණන්නේ නම් එය අවාසියක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
ඉන්දියාව සමග තිබෙන ආර්ථික ගනුදෙනු මීට වඩා අඩු කර ගැනීමට කිසිවකු යෝජනා කරන්නේ නම් එය පිළිගත නොහැකි බව ද හෙතෙම කියයි.
දකුණු ඉන්දියාවේ ආර්ථිකය 14%කින් වර්ධනය වන්නේ නම් ශ්‍රී ලංකාවට ඉන් වාසි නැතැයි කිසිවකුට කිව නොහැකිව ද හෙතෙම පැවසීය.
සමගි ජන බලවේග මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කළේය.