පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රු. 121ට තෙල් ලබා දුන්නේ යැයි තමා ප්‍රකාශ නොකළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.
ගැටලුව නිර්මාණය වූයේ මන්ත්‍රීවරුන්ට වෙන ම තෙල් ලබා ගැනීම සඳහා වරප්‍රසාද දීම නිසා බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
තෙල් ගැටලුව ඇති වූ අවස්ථාවේ සිට මන්ත්‍රීවරුන් තෙල් ලබා ගත් ආකාරයට ම කටයුතු කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් ගැටලුවක් ඇති නොවන බව ද බුද්ධික පතිරණ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
අද (20) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.