මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් ප්‍රමාද කිරීම මහා අපරාධයක්… දිනක ප්‍රමාද පොළිය ලක්ෂ 230යි…! – ඇමති බිමල් රත්නායක….

March 24, 2025 at 3:44 pm | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද කිරීම නිසා රු. බිලියන 46කට අධික පොළියක් සහ වන්දි මුදලක් ගෙවීමට සිදුව ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙම ප්‍රමාදය නිසා රටට දිනකට රු. දෙකෝටි තිස් ලක්ෂයක පොලී මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.

පළාත් හයක ජනතාවට ඍජු සේවාවක් ලැබෙන මධ්‍යම අධිවේගී මාර්ගය ඉතා ම වටිනා ව්‍යාපෘතියක් බව ද බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

විවිධ හේතු නිසා පසුගිය සමයේ මෙම ඉදිකිරීම් ප්‍රමාද වූ බව ද ඇමති බිමල් රත්නායක වැඩි දුරටත් සඳහන් කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *