මදූෂ් ගැන විමර්ශනයට ශ්‍රී ලංකාවට ඉඩ නෑ! පොලිස් නිලධාරීන්ට වීසා නොදෙයි! මදූෂ් ඇල්ලූ බවට ලකුණු දාගත් අයගේ රෙදි ලිහෙයි!

February 20, 2019 at 1:59 pm | by admin

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මධුෂ් ඇතුළු පිරිස පිළිබඳ විමර්ශන කටයුතු සඳහා ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු විසින් පත් කරන ලද පොලිස් නිලධාරීන් හය දෙනාට වීසා ලබා දීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

මීට හේතු වී ඇත්තේ වීසා ලබා දීමට ඩුබායි පොලිසිය විරුද්ධ වීම යැයි ආරංචි මාර්ග පැවසීය. ඩුබායි පොලිසියේ විමර්ශනවලට මැදිහත් වීමට ශ‍්‍රී ලංකාවට ඉඩ දීම එරට පිළිවෙත නොවන බවද එම ආරංචි මාර්ග කීවේය.

මධුෂ් ඇතුළු පිරිසගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිසිය ඩුබායි හෝ ඉන්ටර්පෝල් පොලිසියට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව එක්සත් අරාබි එමීර් පොලිසිය සමග ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කළ බවට සහ කාලයක් තිස්සේ ඒ සඳහා සැලසුම් සකස් කළ බවට පුරසාරම් දෙඩු මෙරට දේශපාලකයන්ගේ කතා සියල්ල බොරු බව සනාථ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස