මත්තල ගුවන්තොටුපළ රටට අවශ්‍යයයි… ඒක සුන්දර සංචාරක පුරවරයක්… කුරුල්ලෝ ප්‍රශ්නයක් නෙමෙයි..!- ඇමති බිමල් රත්නායක….

July 13, 2025 at 6:15 pm | by emanisa.lk

මත්තල ගුවන්තොටුපළ වෙනුවෙන් යම් වියදමක් දැරුව ද රටට විකල්ප ගුවන් තොටුපළක් ලෙස එය අවශ්‍ය බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ගුවන්තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර එහි ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

මත්තල ගුවන් තොටුපළ බඳගිරිය වැව ඇතුළු බොහෝ සංචාරක ආකර්ශනීය ස්ථාන වට කොට සුන්දර පරිසරයක පිහිටා ඇති බව ද බිමල් රත්නායක සඳහන් කරයි.

මත්තල සතුන් ගැවසෙන එකම ගුවන් තොටුපළ නොවන බවත් ලොව දියුණු රටවල පවා ගුවන්තොටුපළ අවට සතුන් ගැවසෙන බවත් ඒවා නගර මැද නොව ඉන් පිටත ගොඩනැඟීම ඊට හේතුව බවත් හෙතෙම අවධාරණය කරයි.

මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් හෙතෙම මේ බව කීය‍

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *