මට රූකඩයක් වෙන්න බෑ….! රක්ෂණ සංස්ථා සභාපතිකම එපා…! – ජයන්ත කැටගොඩ…

July 16, 2021 at 8:27 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ තමා වෙත පිරිනැමූ රක්ෂණ සංස්ථා සභාපති ධූරය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති තමා වැනි අයකු එහි සභාපති ධූරය සඳහා පත්වීම ආයතනයට සිදුකරන අසාධාරණයක් බව ජයන්ත කැටගොඩ පෙන්වා දී තිබේ.

එසේ ම කිසිවක් නොදැන ආයතන සභාපති ධූරයක් භාරගෙන රූකඩයක් සේ කටයුතු කළ නොහැකි බවත් ඔහු අවධාරණය කර තිබේ.

කෙසේ වුව ද ජාතික රක්ෂණ සංස්ථාව වැනි ආයතනයක සභාපති ධූරය වැනි භාරධූර වගකීමක් තමා වෙත පැවරීමට විශ්වාසය තැබීම පිළිබඳ ඔහු බලධාරීන්ට සිය ස්තූතිය පුදකර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *