මගේ පියා කොටි සහ ජවිපෙ එක්ක යුද්ධ කරමින් රටට ආයෝජන ගෙනාවා…! මේ ආණ්ඩුව කිසිම ආයෝජනයක් ගෙනත් නෑ…! – සජිත්…

February 7, 2021 at 8:20 am | by emanisa.lk

රටේ යුද්ධ දෙකක් පවතින මොහොතක පවා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විදෙස් ආයෝජන ගණනාවක් මෙරටට ගෙන්වා ගැනීමට සමත් වූ බවත් වත්මන් රජයට එවැනි කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආයෝජකයින් රටට පැමිණීමට නම් ඔවුන්ට ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසයක් ගොඩනැඟිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා ආර්ථිකය සම්බන්ධයෙන්, වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අද ගන්නා තීන්දු හෙට වෙනස් කරනා තත්ත්වයක් තුළ එවන් විශ්වාසයක් ගොඩනැඟෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

මේ වනවිට චීනයෙන් ඉවත්ව යන ආයෝජකයින් ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට, ඉන්දුනීසියාවට යන නමුත් කිසිවෙකු ශ්‍රී ලංකාවට නොඑන්නේ රජය සතුව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති වීම නිසා බවට ද ඔහු චෝදනා කළේ ය.

සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ (06) ලුණුගම්වෙහෙර, අග්බෝපුර ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස