මගේ උතුම් ප්‍රතිපත්තිය හම්බන්තොට ජනතාව ප්‍රතික්ෂේප කළා…! – සජිත්…

March 28, 2021 at 10:36 pm | by emanisa.lk

කිරින්ද ඛණිජ නිධිය ආශ්‍රිත ව්‍යාපෘතිය සඳහා පරිසර අවසරයක් තිබේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

හම්බන්තොට ජනතාව සුනාමියෙන් ආරක්ෂා කළ මෙම වැලි වැටිය ආරක්ෂා කර ගන්නවා ද නැතහොත් කෙටි කාලීන ලාභ ප්‍රයෝජන සඳහා එය විකුණා දමනවා දැයි ඔහු ජනතාවගෙන් ප්‍රශ්න කළේ ය.

පස් වසරක් තිස්සේ විවිධ සන්තෝසම් දෙමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා තමා පසුපස ආව ද තමා හම්බන්තොට ජනතාව හෝ වැලිවැටිය හෝ පාවා නොදුන් බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

එහෙත් හම්බන්තොට ජනතාව ඒ උතුම් ප්‍රතිපත්තිය අගය නොකළ බව ද සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස