මගේ ආණ්ඩුව යටතේ වරාය පනත වෙනස් කර රටේ ඒකීයභාවය රකිනවා…! – සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව අබියස සපථ කරයි….

May 20, 2021 at 1:10 pm | by emanisa.lk

අද දවස රටට තීරණාත්මක දවසක් වන අතර රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස, ඒකීයභාවය තුට්ටු දෙකට විදේශිකයින්ට විකුණන දවසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තු පිවිසුම අසල සමඟි ජන බලවේගය විසින් පොර්ට් සිටි පනතට විරෝධය පළකරමින් පැවැත් වූ විරෝධතාවට සහභාගී වෙමිනි.

මෙම දේශද්‍රෝහී පනත පරාජය කිරීමට කටයුතු කරන බව ප්‍රේමදාස එහි දී සඳහන් කළේය.

එමෙන්ම මෙම පනත සිය රජය යටතේ ඉදිරියේ වෙනස් කර රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවද හෙතම කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම පනත හකුළා ගෙන ජනතා සංවාදයට ලක්කර රට ආරක්ෂා වෙන වරාය සංවර්ධනයකට යොමු වන ලෙස සජිත් ප්‍රේමදාස මෙහි දී රජයෙන් ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස