සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ රටේ කුඩු මර්දන කටයුතු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට භාර දෙන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
රට බංකොලොත් වුව ද කුඩු ජාවාරම ජයට ම සිදුවන බවයි, විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.
මේ නිසා රටේ ලක්ෂ 43ක් තරුණ දරුවන්ගේ ජීවිත විනාශ වන බවත් එහෙයින් සියලු මහා පරිමාණ කුඩුකාරයින් විනාශ කරන බව හෙතෙම අවධාරණය කළේය.
සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ, කඩුවෙල පැවැති සජබ ආසන බල මණ්ඩල ජන හමුවට එකතු වෙමිනි.