මගේ අණ්ඩුවක් යටතේ සියලු ආර්ථික ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගේනවා..! – සජිත්…

February 5, 2024 at 1:40 pm | by emanisa.lk

අද රටට සාම්ප්‍රදායානුකූල වැඩපිළිවෙළින් ඔබ්බට ගිය නව වැඩපිළිවළෙක් උවමනා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සිය රජයක් යටතේ රට මේ ඛේදවාචකයට ඇද දැමූ ආර්ථික ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගෙන ඒන බවයි, ඔහු අවධාරණය කළේ.

එමගින් රටට අහිමි වූ සම්පත් නැවත ලබා ගැනීමට කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

ගාල්ල බලපිටිය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එකතු වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *