මගෙයි පුටිංගෙයි අල්ල එක වගෙයි… රට ගොඩගන්න එකම සුදුස්සා මමයි..! – වෙල්ගම…

March 17, 2024 at 2:52 pm | by emanisa.lk

රටේ ජනාධිපති ධූරයට පත්වීමට සියලු සුදුසුකම් තමන්ට ඇතැයි නව ලංකා නිදහස් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

සිය කේන්දරය ද තව දින කිහිපයකින් ඉතා ම හොඳ තත්ත්වයට එන බව ද වෙල්ගම කීය.

රුසියානු නායක ව්ලැඩිමිර් පුටිංගේ මෙන් සිය අල්ලේ ද තරුවක් ඇති බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එහෙයින් මේ රට ගොඩගැනීමට සුදුසුම පුද්ගලයා කුමාර වෙල්ගම බව හෙතෙම අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *