මගී මග.දමා බස් රන් පිවිසුමෙන් යයි..! ජනතාව කබලෙන් ළිපට…!

December 8, 2021 at 11:11 am | by emanisa.lk

මෑතක දී විවෘත කළ නව කැලණි පාලම හෙවත් ‘කල්‍යාණි රන් පිවිසුමෙන්’ දුර ගමන් සේවා සාමාන්‍ය බස් රථ ධාවනය කිරීම නිසා කොළඹට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවට චෝදනා එල්ල වේ.

එම පාලමේ මාර්ග සැලසුමට අනුව කොළඹට පැමිණෙන ජනතාවට හතරේ කණුව, කැලණිය දුම්රිය ස්ථානය, පැළියගොඩ සහ කැලණිය ගුවන් පාළම යන ස්ථානවලින් බසයෙන් බැසීමට නොහැකි වීමෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.

බස් රථ එම ස්ඡානවලට යා යුතු මගීන් ඔරුගොඩවත්තෙන් බස්සවා ත්‍රිරෝද රථයක යන ලෙස උපදෙස් දෙන අතර මේ හේතුවෙන් මගීහූ දැඩි අපහසුතාවට පත්වෙති.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක්ගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ඒ පිළිබඳව දැනුම්වත්ව නොසිටි බවත් සාමාන්‍ය දුර ගමන් සේවා සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස