මංගල කිසි විටක ජාතිවාදියෙක් ආගම්වාදියෙක් වුණේ නෑ….! ඔහු අප සමඟත් සමීපව දේශපාලනය කළ හොඳ මහත්මයෙක්….!

August 24, 2021 at 6:30 pm | by emanisa.lk

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ ශෝක ප්‍රකාශයක් පහත දැක්වෙයි.

හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් රෝග තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී අද (24) දින අභාවප්‍රාප්ත වී තිබේ.

මංගල සමරවීර මහතා විශ්වාස කළ දේශපාලන ගමන්මඟ පිළිබඳවත්, ඔහුගේ දේශපාලන දැක්ම පිළිබඳවත් ඔහු සහ අප අතර ඇත්තේ පැහැදිලි වෙනස්කමකි. එසේ වුවද ඔහු, ඔහු නියෝජනය කළ දේශපාලන ධාරාවේ සිටි හොඳ මිනිසෙක්, හොඳ මහත්මයෙක් විය.

ඔහු කිසි විටෙක දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නැත. දේශපාලනයෙන් නිදහස් මතධාරියෙකු වූ ඔහු, තමන්ට දේශපාලන වශයෙන් අවාසිදායක තත්වයන් තුළදී පවා තම ප්‍රතිපත්ති මත පිහිටා සිටීමට සමත් විය. රට තුළ මතු වූ ඇතැම් තීරණාත්මක දේශපාලන අවස්ථාවන්හිදී ඔහු අප සමග සමීපව කටයුතු කළ ආකාරය ද මෙහි දී සිහිපත් කළ යුතුව තිබේ.

ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක වන ඔහුගේ පවුලේ ඥාතීන්, හිතවතුන් ඇතුළු සියලු දෙනා සමඟ එම ශෝකය බෙදා ගැනීමට අපි ද එක්වෙමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2021.08.24

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *