කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා මන්නාරම හා අම්පාරේ කාත්තන්කුඩිහි ස්ථාන දෙකක් යෝජනා කර ඇතැයි කොවිඩ් මර්දන බළකාය පවසයි.
මේ අනුව ඉදිරි පැය හතළිස් අට ඇතුළත භූමදානය සම්බන්ධ මාර්ගෝපදේශ සහිත චක්රලේඛය නිකුත් කිරීමට නියමිත ය.
ජල මට්ටම පහතින් ඇති ප්රදේශ මෙම භූමදාන කටයුතු සඳහා හඳුනාගෙන ඇති අතර එම ප්රදේශවල ජල මට්ටම මීටර් 15 දක්වා පහළින් පිහිටා ඇතැයි වාර්තා වෙයි.
පෙරේදා (27) වන විට කොවිඩ් මරණ 464 ක් මෙරටින් වාර්තා විය. ඒ අතරින් 120 දෙනකු මුස්ලිම් ජාතිකයන්ය.