භාරත රිදී සීනුව ලතා මංගෙෂ්කාර් දිවි සැරිය නිමකරයි…!

February 6, 2022 at 11:03 am | by emanisa.lk

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර් කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත විය.

ඈ කොවිඩ් ආසාදිතව මුම්බාහි බීච් කැන්ඩි පෞද්ගලික ආරෝග්‍යශාලාවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලතා මංගෙෂ්කාර් මිය යන විට 92 හැවිරිදි වියේ පසුවන අතර “nightingale of India” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.

දශක 07කට අධික කාලයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 25000කට අධිකය. එය තනි ගායකයෙකු හෝ ගායිකාවක විසින් ගායනා කර ඇති වැඩිම ගීත සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාව ද වෙයි.

ඉන්දියානු භාෂා 36 කින් ගී ගැයූ ලතා සිංහල චිත්‍රපටයක ගීත දෙකක් ගායනා කිරීම විශේෂයකි. 1955 වසරේ ජුනි 24 වැනිදා තිරගත වූ ටී. සෝමසේකරන් අධ්‍යක්‍ෂණය කළ “සැඩ සුළං” චිත්‍රපටයේ “ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී” ගීතය ගායනා කළේ ද ලතා මංගෙෂ්කාර් ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *