බෞද්ධ පාළි හොස්ටල් එකෙන් අරක්කු බෝතල් තොගයක්…!

December 22, 2022 at 9:26 am | by emanisa.lk

බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ තිබී හමු වූ බව කියන හිස් අරක්කු බෝතල් තොගයක පින්තූර සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

භික්ෂූන් වහන්සේ නමකගේ මෙහෙයවීම යටතේ විවිධ ප්‍රමාණයේ අරක්කු බෝතල් සිය ගණනක් කිසියම් වළක තිබී ගොඩගන්නා ආකාරය එම ඡායාරූපවල දැක්වෙයි.

අනතුරුව ඒවා ගෝණිවලට පුරවන ආකාරය ද දැකගත හැකිය.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම විශ්වවිද්‍යාලයේ සිටින්නේ ද සමාජයේ කොටසක් බවත් එහි සිටින පිරිස බණ භාවනා කරමින් සිටිය යුතු බවට මාධ්‍ය වැරදි චිත්‍රයක් මවන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *