බෞද්ධ උරුමය සුරකින වැඩපිළිවෙළ ඉදිරියට ම! සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් වෙයි!

December 21, 2020 at 1:08 pm | by emanisa.lk

පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කොට සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ගල්ගේ විහාරයේ (උත්තරාරාමය) දී සිදු විය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමි වෙත අගමැතිවරයා විසින් සන්නස් පත්‍රය ප්‍රදානය ක‍රන ලදී.

බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින්, ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීම හා ශ්‍රී ලාංකේය ඵෙතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමේ අරමුණින් පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරස්ථානය අංක 2201/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස