බෝසත් පොලිස් උතුමෙකුගේ වැඩක්! ගෙදර වැඩට තබාගත් පුංචි පුතාට පාසල් වරම්!

November 9, 2020 at 12:14 pm | by emanisa.lk

දැරණියගල පොලිස් වසමේ දෙමළ පවුලක ආර්ථික දුෂ්කරතා නිසා පාසල් නොයවා ගෙදර තබා ගත් කුඩා දරුවෙකු නැවත පාසල් යැවීමට පොලිස් නිලධාරියෙකු මැදිහත් වී කටයුතු කර තිබේ.

ඉගනීමට දක්ෂ මේ දරුවා ආර්ථික දුෂ්කරතා නිසා ඔහුගේ මව විසින් නිවසේ නතර කර ගෙන සෙසු කුඩා දරුවන් බලාකියා ගන්නට යොදවා තිබේ.

මේ පිළිබඳ දැනගත් දැරණිගල පොලිස් ස්ථානාධිපති වසන්ත අලහකෝන් මැදිහත් වී දරුවාට උවමනා ඇඳුම්, පොත්පත්, සපත්තු, පාසල් උපකරණ, ලංගම මගී ප්‍රවේශපත් ඇතුළු සියලු පහසුකම් ලබා දී දරුවා නැවත පාසල් යැවීමට කටයුතු කර තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙම සද්ක්‍රීයාව බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්ව ඇති අතර ඔහු ඉතා ම යුක්තිගරුක නීතියට අනුව රාජකාරී කරන පොලිස් නිලධාරියෙකු බවට ෆේස්බුක්හි බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *