බොරු අවලෝකිතේශ්වරට ඇප…! දිගට ම බෙහෙත් ගන්න නිර්දේශ..!

February 7, 2024 at 3:35 pm | by emanisa.lk

අවලෝකිතේශ්වර බෝධිසත්යන් ලෙස තමා හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තා රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පසුගියදා (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.

ඒ අනුව එදින සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය, ඔහු මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස නියෝග කළේය.

සැකකරු සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහි දැක්වුණේ මෙම තැනැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුට අඛන්ඩව ප්‍රතිකාර ලබාදිය යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *