සියල්ල මිත්‍යාවෙන් යටපත් කරන ආණ්ඩුව ඉතා ම කෙටි කාලයක් තුළ ඔවුන්ගේ පාක්ෂිකයන් අතරම අභියෝගයට ලක්ව ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
දෘෂ්‍යාබාධිත මන්ත්‍රිවරයාට පමණක් වාහනයක් ලබා දුන් බව අගමැතිනි හරිනි අමරසූරිය ප්‍රකාශ කළ ද රජයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ වාහන තණ කොළ ඇදීමට ද යොදා ගන්නා බව චාමර සම්පත් අමරසූරිය ප්‍රකාශ කළ බව ද හෙතෙම සඳහන් කරයි.
බිමල් රත්නායක පාර්ලිමේන්තු කෑම වේල සඳහා වියදමට සරිලන මිලක් නියම කරන බව සඳහන් කළ ද අද තුන්වේල රු. 2000කට පෙට්ටි කඩයකින් හෝ කෑමට නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.
තමන් පාර්ලිමේන්තු බුෆේ කෑම මේසය දැක ඇති බවත් ඊට නව මිල වන රු. 2000 කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා නිවැරදි ගණනය කිරීමක් අවශ්‍ය බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි.
උගන්ඩා ඩොලර් වැනි ප්‍රබන්ධ රාජපක්ෂ දූෂණ වංචා අතිශයෝක්තියට නැඟීමට ගොස් ඇත්ත යටගොස් ඇති බවත් දැන් වියදමට සරිලන මිලකට පාර්ලිමේන්තු කෑම වේල ලබා දෙන්නේ යැයි ජනතාව මුලා නොකළ යුතු බවත් ඔහු වැඩි දුරටත් පවසයි.
සර්වජන බලය මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.