පාර්ලිමේන්තු කැන්ටිම වහන යෝජනාව ඉවතට..! සාධාරණ මිලට කෑම පැකට් ඉල්ලූ පිරිසට කැන්ටිමත් නෑ කෑමත් නෑ…!

May 22, 2022 at 10:15 am | by emanisa.lk

පාර්ලිමේන්තු භෝජනාගාරයයෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 53 දෙනෙකුගේ අස්සන් සහිත ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යවා තිබේ.

ඒ අනුව, එම මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ලබා දීම අත්හිටුවීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කර ඇත.

එම තීරණය සෙසු මන්ත්‍රීවරුන්ට අදාළවේ ද යන්න පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන බව කතානායකවරයා පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල කියා සිටියේ පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන ලෙස ත්, මන්ත්‍රීවරයෙකුට ආහාර වේලක් අවශ්‍ය නම් සාධාරණ මුදලකට කෑම පැකට්ටුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින බව ය.

පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන විට සහ පාර්ලිමේන්තු සැසිවාර නොපැවැත්වෙන අවස්ථාවල දී සැබෑ පිරිවැය හෙළි කරන ලෙස සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *