බොරදියේ මාළු බාන්න ගිය පාඨලීට වැඩ වරදී! කෝප වූ මැනිං වෙළඳුන් පාඨලී බැණ පන්නයි!

December 7, 2020 at 10:39 pm | by emanisa.lk

කොටුව මැනිං වෙළෙඳපොළ පෑළියගොඩට ගෙන යාමට එරෙහිව අද (07) කොළඹ පැවති උද්ඝෝෂණයක් මැදට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක බැණ පන්නා දැමීමට උද්ඝෝෂකයෝ කටයුතු කළහ.

මැනිං වෙළෙඳපොළ පෑළියගොඩට ගෙන යාමේ දී වෙළෙඳ සංගම් සභාපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා තමන්ට අසාධාරණයක් වූ බව වෙළඳ පිරිස සටන් පාඨ නඟමින් පැවසූහ.

ඒ අතර එම ස්ථානයට පැමිණි පාඨලි චම්පක ආණ්ඩුවට චෝදනා කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පටන් ගත් අතර උද්ඝෝෂකයෝ ඊට දිගට ම බාධා කළහ.

ඔවුන් පෙන්වා දුන්නේ තමන් පැමිණියේ තම වෘත්තීය පිළිබඳ ගැටළු විසඳා ගැනීම සඳහා බවත් එමගින් එක් එක් දේශපාලන කණ්ඩායම් වාසි ගැනීමට උත්සාහ නොකළ යුතු බවත් ය.

පාඨලි චම්පක එම ස්ථානයේ රැඳී සිටිනවාට පවා තමන් විරුද්ධ බව සඳහන් කළ උද්ඝෝෂකයෝ තමන් විශ්වාස කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් බව අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *