බෙලිඅත්ත සමූහ ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක්…!

January 23, 2024 at 6:48 pm | by emanisa.lk

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී ඊයේ (22) උදෑසන 8.50ට පමණ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේ කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ නියෝග මත බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

තංගල්ල අධිකරණයේ විභාග වෙමින් පවතින මිනීමැරුම් නඩුවට විත්තිකරුවන් වන මෙම පිරිස එම නඩු විභාගය සඳහා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක් වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ අපේ ජනබල පක්ෂයේ නායක 47 හැවිරිදි සමන් ප්‍රසන්න පෙරේරා, 40 හැවිරිදි ඉඳුරුව පදිංචි විදානලාගේ හසිත, 34 හැවිරිදි බෙන්තොට පදිංචි සමීර මධුසංඛ, 36 හැවිරිදි කුරුණෑගල පදිංචි බුද්ධික රාජපක්ෂ, 44 හැවිරිදි දෙමටගොඩ පදිංචි නලින් චම්පික නමැති අයයි.

මෙම පුද්ගලයන් 05 දෙනා අතරින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඉකුත් 2022 වර්ෂයේ ජුනි 05 වැනිදා තංගල්ල ප්‍රදේශයේදී අසේල සම්පත් නමැති පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වේ. ඊට අමතරව මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්වූ සමීර මධුසංඛ සහ නලින් චම්පික ද මෙම ඝාතනයේ සැකකරුවන්ය.

අසේල නමැත්තා කොස්ගොඩ සුජීගේ පාතාල කල්ලියේ ප්‍රබල සාමාජිකයකු වන අතර මෙම ඝාතනයට පළි ගැනීමට කොස්ගොඩ සුජී අවස්ථා කීපයකදීම සමන් පෙරේරා ඝාතනයට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

කොස්ගොඩ සුජීගෙන් ජීවිත තර්ජන එල්ල වීම නිසා සමන් පෙරේරා ඉඳුරුවේ පිහිටි තම සංචාරක හෝටලය සහ පදිංචි නිවස අතහැර කුරුණෑගල ප්‍රදේශයට ගොස් ඉතාම රහසිගත ලෙස ජීවත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *