බෙල්ලන්විල පන්සලට බුරුම රජයෙන් තෑගි කළ ඇත් පැටවාට දැඩි ලෙස වධහිංසා පමුණුවන බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.
මෙයට පෙර ද ඒ පිළිබඳ පොලිස්පතිවරයාට දැනුම් දුන්න ද කිසිදු පියවරක් නොගත් බවත් වහාම ඇත් පැටවා එම වධහිංසාවලින් මුදවාලීමට කටයුතු කරන ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.
මේ සඳහා වහා ම පියවර නොගතහොත් බුද්ධාගම නිම් අපරාධ වරදෙහි යෙදෙන තැනැත්තන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමේ චෝදනා යටතේ නඩු පවරන බව එහි වැඩි දුරටත් සඳහන් වෙයි.