බෙදුම්වාදී පළාත් සභා නවය අහෝසි කරයි! රුහුණු පිහිටි මායා නමින් පළාත් සභා තුනක්!

September 14, 2020 at 2:36 pm | by emanisa.lk

රුහුණු, පිහිටි, මායා නමින් සමස්ත රට ම ආවරණය වන පරිදි පළාත් සභා තුනක් පමණක් පවත්වා ගෙන යාමට විද්වතුන් යෝජනා කර තිබේ.

මෙම යෝජනාවත පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර වෙත විද්වතුන් පිරිසක් ඉදිරිපත් කර ඇති අතර ඇමතිවරයා අදාළ යෝජනාව රජයට ලබා දීමට කටයුතු කරන බව පවසයි.

පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් කොළඹට කැඳවා ඉකුත් සිකුරාදා (11 ) පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම මේ බව දන්වා ඇත.

දැනට පළාත් සභා තිබෙන බැවින් මැතිවරණය පවත්වනවා නම් හැකි තරම් ඉක්මනින් පවත්වන බවත්, එමගින් චිරාත් කාලයක් පළාත් සභා පවතින බවට අදහස් නොකරන බවත් හෙතෙම අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස