බූස්සේ සහකාර බන්ධනාගාර අධිකාරීටත් පාතාළයෙන් මරණ තර්ජන…!

July 13, 2024 at 9:38 am | by emanisa.lk

පසුගිය සමයේ දී බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් එම බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාට මරණ තර්ජන එල්ලවී තිබේ.

ඩුබායි සිට ඇමතුමකින් සම්බන්ධ වූ පුද්ගලයෙක් බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පියාට මෙලෙස තර්ජනය සිදුකර තිබේ.

බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාගේ කටුනායක පිහිටි නිවසට ඊයේ (11) පස්වරුවේ යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ පියාට සිය ජංගම දුරකථනය ලබාදී ඇත්තේ, ඩුබායි සිට හීනටියන සංඛ නමැත්තාගෙන් දුරකථන ඇමතුමක් ඇති බව පවසමිනි.

එහිදී සහකාර අධිකාරීවරයාගේ පියාට ‘පුතා දඟලනවා වැඩියි, වැඩිය නටන්න එපා කියන්න. නැත්නම් මරලා දානවා.” යැයි තර්ජනය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *