බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි.
සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.
බුදුන්වහන්සේගේ කේෂ ධාතු නිදන් කොට මහියංගනය චෛත්‍ය ඉදිකර ඇත්තේ ඉන් පසු කාලයේ දී ය.
එමෙන් ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්රමුඛ දහසක් පිරිස දහම් මගට හරවා ගැනීම ද අද වැනි පොහෝ දිනක සිදුව තිබේ.
බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනයක දි බවය.