බිස්කට් මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා බව ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
බිස්කට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන තිරිඟු පිටි විශේෂය මේ වන විට සියයට තුන්සියයකට ආසන්න ප්‍රමාණයකින් මිල වැඩි වී ඇති නිසා මෙරට තුළ ද මිල ඉහළ දැමීමට සිදු වූ බව ද ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් අද වන විට මෙරට තුළ බිස්කට් නිෂ්පාදනවලට පහර දීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එහි අරමුණ කුමක්දැයි සොයන බවත් සංගමය සභාපති එස්.එම්.බී. සූරිය කුමාර පවසයි.
මෙම කර්මාන්තය හිතාමතා බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව ද හෙතෙම කියා සිටියේය.