බිත්තර නිෂ්පාදකයෝ පොරොන්දු කඩති… නැවතත් බිත්තර ආනයනයට අවධානය….!

July 21, 2024 at 10:58 am | by emanisa.lk

බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගට ම බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම පියවර ගැනීමට නියමිතය.

බිත්තර සඳහා ඉහළ මිලක් පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදකයින් විසින් වෙළෙඳපොළට නිකුත් කරන බිත්තර ප්‍රමාණය සීමා කිරීමට මෙන්ම බිත්තර නිෂ්පාදනය පාලනය කිරීම සඳහා සතුන් මස් පිණිස අලෙවි කිරීම ද සිදුකරන බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *