බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න පොහොට්ටු මන්ත්‍රීලා පොරකනවා…! මම නම් ගෙදර යන සූදානම් නෑ…! – ආචාර්ය රංජිත් බණ්ඩාර..

June 27, 2021 at 12:09 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීමට සිය අසුන ලබා දීමට පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සියලු ම මන්ත්‍රීවරු සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකාශ කරයි.

බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඉල්ලා අස්වන මන්ත්‍රීවරයාට රජයේ වෙනත් තනතුරක් ලබා දීමට ද මේ වන විටත් විවිධ යෝජනා ඉදිරිපත්ව තිබෙන බව පැවසෙයි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය රංජිත් බණ්ඩාර මහනුවර දී මාධ්‍ය අමතමින් මෙසේ ප්‍රකාශ කළේ ය.

“බැසිල් රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පාර්ලිමේන්තු අසුන පරිත්‍යාග කරන්න පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය අපි හැමෝම සූදානමින් ඉන්නවා. මං පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන එක ගැන කතා කරන්න වෙලාව නෙමෙයි මේක. එහෙම සූදානමක් ඇත්තෙත් නෑ. එහෙම තියෙනවා නම් මේ පළාතේ මේ කටයුතුවලට මම එන්නෙත් නෑ නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *