බැසිල්ට අසුන දෙන්න කැටගොඩ ඉල්ලා අස්වෙයි….!

July 6, 2021 at 12:11 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ එම මන්ත්‍රී ධූරයෙන් ඊයේ (05) ඉල්ලා අස්විය.

ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (05) පෙරවරුවේ බාර දී තිබේ .

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අනිද්දා (08) දිවුරුම් දීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ඔහුට ඇමති ධූරයක්ද පිරිනැමෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩට රජයේ ආයතනයක තනතුරක් ලබා දීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *