බැඳුම්කර හොරු රැක්ක ෆුට්නෝට් කල්ලියට වැඩ වරදී…! නුදුරේ දී ම නඩු වැටෙන ලකුණු….!

January 16, 2021 at 11:39 am | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභා (කෝප් කමිටු) වාර්තාවට පාද සටහන් (foot note)එකතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.

මෙම කණ්ඩායම සම්බන්ධයෙන් සමාජයේ දැනට බරපතළ සැකයක් මතුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම මන්ත්‍රී කණ්ඩායම හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග දුරකතන සබඳතා පවත්වා ඇති බවත් ඔහුගෙන් රු. මිලියන ගණන් මුදල් ලබා ගෙන ඇති බවත් අනාවරණය වී ඇති නිසා මෙම පාද සටහන් යොදන ලද්දේ බැඳුම්කර හොරුන් ආරක්ෂා කිරීමට බවට සැකයක් මතුව ඇති බව ද ඇමැතිවරයා අනාවරණය කළේ ය.

බැඳුම්කර හොරකම සම්බන්ධ කෝප් කමිටු වාර්තාව සඳහා පාද සටහන් යොදා ඇත්තේ ආචාර්ය හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි, අශෝක් අබේසිංහ, හර්ෂණ රාජකරුණා, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ සහ වසන්ත අළුවිහාරේ විසිනි. මේ අතරින් අවසානයට නම් සඳහන් තිදෙනා මෙවර මහා මැතිවරණයෙන් පරාජයට පත්විය. සුජීව සේනසිංහ බැඳුම්කර වංචාවක් නොවූ බවට පොතක් ද ලීවේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස