බැඳුම්කර වංචාව: පොදු පනත යටතේ වරදක් සිදුකර නෑ..! රවී, අර්ජුන් ඇතුළු පිරිස නිදහස්..!

March 4, 2022 at 7:02 pm | by emanisa.lk

රුපියල් කෝටි 3600 කට අධික බැදුම්කර වංචා කිරී සමන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නීතීපතිවරයා පවරා ඇති නඩුවේ පොදු දේපළ පනත යටතේ වු චෝදනා පවත්වා ගෙන යෑමට නොහැකි බවට තීරණය කළ කෙළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කිරීමට බහුතර තීන්දුවෙන් අද නියම  කළේය.

මම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකරුනවන්ට එරෙහි මෙම නඩුව පවත්වා ගෙන යෑමට හැකියාවක් නැති බවට විත්තියේ නීතීඥවරුන් මතු කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රතාශයට පත් කළ ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල පොදු දේපළ පනතේ 07 වැනි වගන්තිය යටතේ වන චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයනට පමණක් බව සදහන් කරමින් බහුතර තීන්දුවෙන් විත්තිකරුවන් නිදහස් කරමින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න විත්තිකරුවන් නිදහස් කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර සාමාජික විනිසුරු මොහෝමඩ් ඉෂඩීන් විත්තිකරුවන්ට එරෙහි පොදු දේපළ පනත යටතේ වු චෝදනා පවත්වා ගෙන යෑමට හැකි බවට වෙන මම තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

2016 මාර්තු මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා මහ බැංකුව පැවැත්වු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් කෝටි 3600 කට අධික භාන්ඩාගර බැඳුම්කර සම්බන්ධයෙන් සාපාරාධි විශ්වාෂය කඩ කිරීම ඇතුලු චෝදනා යටතේ නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා පවරා ඇත.

ඵර්පචුවල් ටෙෂරීස් සමාගමට එල්ල වී ඇති චෝදනාවලට සමග සම්බන්ධ කොට ඇති මෙම නඩුවේ විත්තිකරුවන් වු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, ඵර්පචුවල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන, ඇතුලු විත්තිකරුන් 11 දෙනකුට එරෙහිව නීතීපතිවරයා  දණ්ඩ නීතී සංග්‍රහය” පොදු ද්පළ පනත” ඇතුලු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස