බැඳුම්කර වංචාවෙන් අර්ජුන් මහේන්ද්‍රන්ලා නිදහස්…!

October 11, 2022 at 5:26 pm | by emanisa.lk

2015 වසරේ  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද (11) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන තිබේ.

සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව අදාළ චෝදනාවට ලක් වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 09 දෙනෙකු නිදහස් කිරීමට නියෝග කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *