බැඳුම්කර අර්ජුන්ට ජාත්‍යන්තර තනතුරක්….!

July 19, 2025 at 7:12 pm | by emanisa.lk

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලත් හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අර්ජුන මහේන්ද්‍රන් දැනට සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ ආයෝජන සමාගමක ඉහළ තනතුරක් දරන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

ඔහු මේ වන විට සිංගප්පූරුවේ විස්ඩම් ඕක් සමාගමක ආයෝජන විශේෂඥයකු ලෙස ක්‍රියා කරන බව වැඩි දුරටත් වාර්තා වෙයි.

විස්ඩම් ඕක් සමාගම වර්ෂ 2016 දී ස්ථාපිත කරන ලද අතර සිංගප්පූරුවේ සහ හොංකොන්හි සිට ක්‍රියාත්මක වෙයි. දැනට මෙම සමාගම මගින් ඇමෙරිකන් ඩොලර් බිලියන 7 කට වැඩි ආයෝජන මෙහෙයවන බවද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *