බාල ඖෂධ ගෙනා කල්ලියට විදෙස් ගමන් තහනම්…!

October 31, 2023 at 11:34 am | by emanisa.lk

ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමට අදාළ සමාගමක හිමිකරු සහ ඊට අනුමැතිය දුන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කර තිබේ.

අදාළ සැකකරුවන් රට හැර යාමට සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් කරුණු දැක්වීමෙන් පසු මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.

ඒ අනුව සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් ‘අරුණ දීප්ති’, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන සැකකරුවන්ට එරෙහිව නියෝගය නිකුත් කර තිබේ.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් ගෙන්වා රුපියල් කෝටි 130කට අධික මුදල් වංචාවක් සිදුකළ බව පැවසෙන ඖෂධ සමාගම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ක්‍රියාත්මකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *