බලහත්කාරයෙන් ආදාහනය කරන ලද කොරෝනා මෘත දේහ සඳහා වන්දි ගෙවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එහි සභාපති වජිර අබේවර්ධන සඳහන් කරන්නේ කොරෝනා ආසාදනය වී මිය ගිය පුද්ගලයන් භූමදානය කිරීමට අවසර නොලැබුණු අයගේ ඥාතීන් රජයෙන් වන්දි ඉල්ලා සිටි යුතු බවයි.
මෘතදේහ භූමදානයට රජයේ අවසර ලබා දුන්නේ ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනය හමුවේ බවත් එය මහත් ලැජ්ජාවට කරුණක් බවත් ඔහු සඳහන් කළේ ය.
ගාල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.