2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාල පරිච්ඡේදය තුළ මෙරට සමස්ත මද්‍යසාර පානය 12% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙරට ලැයිස්තුගත සමාගමක් වන ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සිය නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කර සිටී.
ඔවුන් පවසන්නේ 2023 වසරේ ජනවාරි සහ ජුලි මාසවල දී මද්‍යසාර පාන සඳහා කළ සංශෝධනවලින් 44%කින් පමණ බදු ඉහළ නංවා ඇති බවයි.
බදු ඉහළ නැංවීම හමුවේ මත්පැන් මිල ඉහළ යාම මෙලෙස ඒ සඳහා පවතින ඉල්ලුම පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත් මේ හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් භාවිතය මේ වන විට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් ලයන් බෘෘවරි සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.
ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් රජයට අයවිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වී යනු ඇති බවයි.
මේ අතර බදු ඉහළ නැංවීම සමග ලංකා දුම්කොළ සමාගමේ අලෙවිය ද පහළ ගොස් ඇති අතර 2022 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 47.12 ක් ලෙසින් සටහන් වී ඇති සමාගමේ විකුණුම් ආදායම 2023 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 44.76 ක් දක්වා පහළ ගොස් ඇත. මේ නිසා බීඩි සහ නීතිවිරෝධී දුම්වැටි සඳහා ඉල්ලුම වැඩි වී ඇති බව ලංකා දුම්කොළ සමාගම කියයි.
මෙරට මත්පැන් කර්මාන්තයේ නිරත දැවැන්ත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකාහි
2022 සැප්තැම්බර් කාර්තුවේ ආදායම රු. බිලියන 62.43 ක් වන අතර එය 2023 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 57.29 ක් දක්වා අඩු වී තිබේ.