බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් පාපැදියෙන් රෝහලට පැමිණීමට තීරණය කර තිබේ.
ඒ වර්තමානයේ රට මුහුණ දෙන දැඩි ඉන්ධන හිගයට පිළියමක් වශයෙනි.
රෝහල්වල සෞඛ්‍ය සුළු සේවකයින් ඉන්ධන ඉල්ලා වර්ජනය කරන පසුබිමක වෛද්‍යවරුන් ජනතාව ගැන සිතා ගත් මෙම තීන්දුව බොහෝ පාර්ශ්වවල දැඩි පැසසුමට ලක්ව තිබේ.
පසුගිය සමයේ රට පුරා රෝහල්වල වෛද්‍යවරු පිරිසක් පාපැදිවලින් ද පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් ද රෝහල් කරා පැමිණීමට කටයුතු කර තර තිබිණි.