වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බව වරාය අධිකාරිය පවසයි.
බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ දීමනා කපා ඇති පසුබිමක වරාය අධිකාරිය එහි සේවකයන්ට වෛද්‍ය නිවාඩු සඳහා දීමනාව ගෙවූ බවත් එම දීමනාවෙන් බදු අය කිරීම වාරාය අධිකාරියේ තීරණයක් නොව එය රජයේ බදු ප්‍රතිපත්ය බවත් එහි උසස් නිලධාරියෙකු කීය.
එම දීමනාවෙන් අයකර ඇති බදු මුදල් වරායට නොලැබෙන බවත් එය රජයට යොමුකළ යුතු බවත් එම නිලධාරියා සඳහන් කළේය.
බදු සම්බන්ධයෙන් වැඩවර්ජන කළ නොහැකි යැයි අධිකරණ නියෝගයක් තිබිය දී වර්ජනය කිරීම අධිකරණ නියෝගය නොසලකා හැරීමත් බව කී එම නිලධාරියා, දැඩි දුෂ්කරතා මත වෛද්‍ය නිවාඩු දීමනාව ලැබීම පිළිබඳව වරාය සේවකයන් වරාය කළමනාකාරිත්වය අග කළ යුතු බව ද සඳහන් කළේය.