බණ්ඩාරනායකලා ගත්තේ අමාරු තීරණ…! ජනප්‍රිය තීන්දු අරන් රට අගාධයට දැම්මේ ජේ.ආර්….! – දයාසිරි..

November 15, 2022 at 7:42 pm | by emanisa.lk

ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායකලා නොව ජනාධිපති රනිල්ගේ මාමා වන ජේ.ආර්. ජයවර්ධන බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

බණ්ඩාරනායක ජනප්‍රිය තීන්දු ගන්නා විට තමා අමාරු තීරණ ගත් බවත් සිංගප්පූරුවේ අගමැති ලීක්වාන් යූ කිවුවා යැයි කතාවක් ජනපති රනිල් වික්‍රමසිංහ අයවැය කථාව ඉදිරිපත් කරමින් සඳහන් කළ බව කී දයාසිරි ජයසේකර, බණ්ඩාරනායක මහතා සහ මැතිණිය ගත් අමාරු තීන්දු නිසා තමන් ද පොඩි එකෙක් ලෙස පාන් පෝලිමේ සහ භූමිතෙල් ගඳ රෙදි ගන්න පෝලිමේ සිට තිබෙන බව පැවසීය.

ජනාධිපතිතුමාගේ මාමණ්ඩිට බණ්ඩාරනායකවරුන් රට බාරදෙන විට අය වැය අතිරික්තයක් තිබුණ බව ද ජේ. ආර් ජයවර්ධන ජනප්‍රිය තීන්දු ගෙන රට නිෂ්පාදන ආර්ථිකයේ සිට යැපුම් ආර්ථිකයක් බවට පත් කළ බවද දයාසිරි ජයසේකර සඳහන් කළේය.

එම කාරණය අවබෝධ කර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බව කී දයාසිරි ජයසේකර මෙය ඉතා අමාරු අයවැයක් බව ද රටක් ලෙස ඉන් අමාරු තැනක බව පිළිගත යුතු යැයි ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *